Resource Library | Blogs | ScholarshipCareers | What We Translate | Mailing List

© TranslationServices.com, LLC | Terms | Privacy

  • Facebook Classic

වෘත්තිමය අන්තර්ජාල පරිවර්තන සේවා

TranslationServices.com විසින් ඔබට ඕනෑම මාතෘකාවක් යටතේ, ඕනෑම භාෂාවකින් වෘත්තිමය පරිවර්තන සේවා සපයනු ලබයි. අපගේ විශේෂඥ කණ්ඩායම විසින් කොළඹ, දෙහිවල-ගල්කිස්ස, මොරටුව ආදී නගර ද ඇතුළුව ලෝ පුරා අපගේ සේවාදායකයින් හට විවිධාකාර ලිපි ලේඛන දහස් ගණනක් සාර්ථක ලෙස පරිවර්තනය කර දී ඇත. ඔබට පරිවර්තනය සහාය අවශ්‍ය වන්නේ සිංහල, ඉංග්‍රීසි, හින්දි, ස්පාඤ්ඤ හෝ චීන ආදී විවිධ භාෂා වලට ද, හෝ එම භාෂා වලින් ද යන්නෙහි විශේෂයකින් තොරව, උපරිම ප්‍රමිතියකින් යුතුව ඔබගේ ව්‍යාපෘතිය පරිවර්තනය කර දීමට අප බැඳී සිටින්නෙමු.

 

මිල ගණන් දැන ගැනීමට අප සම්බන්ධ කර ගන්න

 

අප විසින් සපයනු ලබන සේවාවන් මොනවාද?

 

TranslationServices.com විසින් ව්‍යාපාරිකයින්, ගත්කතුවරුන්, විද්වතුන් ආදී විවිධ පසුබිම් සහිත සේවාදායකයින් හට ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් පරිවර්තනයන් සපයනු ලබයි. අපගේ ප්‍රවීණ පරිවර්තක කණ්ඩායම විසින් සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 100කට අධික ප්‍රමාණයක් සඳහා නිතිපතා පරිවර්තන සේවා සපයනු ලබයි. අප විසින් පහත සඳහන් සේවා සපයනු ලැබේ:

 

  • ශාස්ත්‍රීය පරිවර්තන. අප හට සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට, සිංහල භාෂාවෙන් ජර්මානු භාෂාවට, සිංහල භාෂාවෙන් ජපන් භාෂාවට ආදී බොහෝ භාෂා යුගලයන් සඳහා ඕනෑම මාතෘකාවක් පරිවර්තනය කර දීමේ හැකියාව ඇත.

 

  • ව්‍යාපාරික පරිවර්තන. ඔබට යම් නාමාවලියක් සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට හෝ වෙනයම් භාෂාවකට පරිවර්තනය කර ගැනීමට අවශ්‍යද? අප විසින් මානව සම්පත් අත්පොත්, විවිධ භාණ්ඩ පිළිබඳ විස්තර, සහ වෙනත් ව්‍යාපාර සහ අලෙවිකරණය හා අදාළ ව්‍යාපාරික පරිවර්තන සේවා සපයනු ලැබේ.

 

  • සාහිත්‍යමය පරිවර්තන. ජාත්‍යන්තර වශයෙන් ඔබගේ පාඨක ජාලය තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට ඔබට අවශ්‍යද? ප්‍රේම වෘත්තාන්ත නවකතා, විද්‍යා ප්‍රබන්ධ අත් පිටපත්, නිබන්ධන ආදී විවිධ ප්‍රභේදයන්ට අයත් කෘති අප විසින් පරිවර්තනය කර ඇත. ඔබගේ අදහස් සහ ශෛලිය ඒ ආකාරයෙන්ම රැකගැනීම සඳහා අපගේ පරිවර්තකයින් වචනයෙන් වචනය පරිවර්තනය කිරීමකට වඩා ප්‍රමිතියෙන් උසස්, ගුණාත්මක පරිවර්තනයන් සිදු කරනු ලබයි.

 

  • වෛද්‍යමය පරිවර්තන. අප විසින්ම වෛද්‍යමය පරිවර්තනයන් සිදු නොකළත්, වෛද්‍යමය පරිවර්තන සිදු කරනු ලබන ආයතනයක් සමග අප සම්බන්ධ වී සිටින අතර, සිංහල භාෂාවෙන් හෝ සිංහල භාෂාවට විවිධ සටහන්, වෛද්‍ය වාර්තා, රෝගීන් සමග සිදු කරන සාකච්ඡා සහ වෙනත් වෛද්‍යමය ලිපි ලේඛන ඉක්මණින් සහ නිවැරදිව පරිවර්තනය කර ලබා දීමට අප හට හැකියාව ඇත.

 

  • නීතිමය පරිවර්තන. ඔබගේ අභිමතය ප්‍රකාශ කිරීමේ ලිපි, දිවුරුම් ප්‍රකාශ, ඔප්පු, පුද්ගලිකත්ව ප්‍රතිපත්ති සහ වෙනත් නීතිමය ලිපි ලේඛන පරිවර්තනය සඳහා අවශ්‍ය අත්දැකීම් සහ විශේෂඥභාවය සහිත නීතිමය පරිවර්තන ආයතනයක් සමග අප සම්බන්ධ වී සිටින්නෙමු. අපගේ නීතිමය පරිවර්තන හවුල්කරු වෘත්තීයභාවය මෙන්ම සෑම විටම රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට බැඳී සිටියි.

 

  • සහතික කරන ලද පරිවර්තන. ආගමන විගමන ආදී විවිධ හේතූන් සඳහා ඔබට ශාස්ත්‍රීය නිබන්ධනයක්, විවාහ හෝ දික්කසාද සහතිකයක්, හෝ වෙනයම් අත්‍යාවශ්‍ය ලේඛනයක් සිංහල භාෂාවෙන් වෙනත් භාෂාවකට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වූ විට මෙම සේවාව ලබා ගන්න.

 

 

  • උපසිරැසි යෙදීම. ඔබගේ වීඩියෝ පටයේ අඩංගු සිංහල දෙබස් ඉතාලි, පෘතුගීසි හෝ වියට්නාම් ආදී වෙනත් භාෂා වලට පරිවර්තනය කර උපසිරැසි යෙදීම අප හට සිදු කළ හැකිය.

 

  • සාමාන්‍ය පරිවර්තන. ඔබට හැකි ඉක්මණින් සිංහල භාෂාවෙන් වෙනත් භාෂාවකට යම් ලේඛනයක් පරිවර්තනය කර ගැනීමට අවශ්‍යද? ඔබගේ මුදලට සරිලන ලෙස සහ නිවැරදිව පරිවර්තනයන් කිරීමට අපට හැකියාව ඇති අතර, ඔබගේ සිංහල පරිවර්තන අවශ්‍යතා සඳහා අප හා සම්බන්ධ වන්න.

 

අප පිළිබඳව ඔබ දැනුවත්ද?

 

TranslationServices.com හි පරිවර්තක මඩුල්ල සිය අත්දැකීම් සනාථ කර ඇති සහ පරිවර්තන වලදී සුළු කාරණා වලට වුවත් විශේෂ අවධානය යොමු කරන, නිසි සුදුසුකම් ලත් වෘත්තිකයන් පිරිසක් වේ. අපගේ සිංහල පරිවර්තකයින් විවිධ විෂයයන් සහ අංශ සම්බන්ධයෙන් විශේෂඥභාවය දක්වන්නන් පිරිසක් වන අතර, එක් එක් පරිවර්තන ව්‍යාපෘතිය ඒ සඳහා වඩාත්ම ගැලපෙන පරිවර්තකයා හට ලබා දීම සිදු කෙරේ. කොළඹ, දෙහිවල-ගල්කිස්ස, මොරටුව සහ වෙනත් සියළුම ප්‍රදේශයන්ට අදාලව විශිෂ්ටතම පරිවර්තන සේවා අප විසින් සපයනු ලැබේ.

 

ඔබ TranslationServices.com හි සේවාවන් ලබාගත යුත්තේ ඇයි?

 

  • ඕනෑම විෂයයක් හෝ ප්‍රභේදයක් හා අදාළව අප විසින් මුදලට සරිලන සහ නිරවද්‍ය ව්‍යාපාරික, ශාස්ත්‍රීය සහ සාහිත්‍යමය පරිවර්තනයන් සිදු කරනු ලැබේ.

  • ඕනෑම මාතෘකාවක් හා අදාළව, ඕනෑම භාෂාවකින් සුදුසුකම් ලත් වෘත්තිකයන් විසින් සිදු කරන ලද පරිවර්තනයන් ඔබ වෙත ලබා දේ.

  • අනෙකුත් පරිවර්තන සේවාවන් මෙන් නොව, අප පරිගණක හෝ මෘදුකාංග ඇසුරෙන් සිදු කරන ලද පරිවර්තන මත අප විශ්වාසය නොතබන්නෙමු; ඒ වෙනුවට අප එක් එක් පරිවර්තන ව්‍යාපෘතිය අපගේ වෘත්තිමය පරිවර්තක මඩුල්ලේ සිටින සුදුසුම සාමාජිකයා හට ලබා දෙනු ලැබේ.

 

අපගේ පරිවර්තකයින් විසින් සිදු කරන උසස් තත්වයෙන් සහ ප්‍රමිතියෙන් යුත් පරිවර්තන සම්බන්ධයෙන් අප නිරතුරුවම ආඩම්බර වන අතර, අප විසින් සිදු කරන සේවාවන් කෙරේ ඔබගේ තෘප්තියද අප සහතික කර සිටිමු.

 

මිල ගණන් දැන ගැනීමට අප සම්බන්ධ කර ගන්න